මින් ඉදිරියට හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාසවල විදුලිය , ජලය , දුරකථන ගාස්තු සඳහා මුදල් වෙන් නොකිරීමට ජනාධිපති කාර්යාලය තීරණය කර තිබෙන බව වාර්තා වේ .
ඒ අද (25) හිටපු ජනාධිපතිවරයෙකුගේ කාර්ය මණ්ඩල ප්රධානියෙකු විසින් පසුගිය මාසයට අදාළ බිල්පත් ජනාධිපති කාර්යාලය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී නීතිපතිවරයා විසින් මෙලෙස නියෝග කර ඇති බව සඳහන් .
ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන්නේ රජයෙන් ලබා දී තිබෙන නිල නිවාස , වාහන නඩත්තුව සහ ඉන්ධන දීමනාව පමණක් බවත් , ඒ හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක මහත්මිය හට ලබා දිය යුතු වරප්රසාද හා දීමනා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි කාලයේදී හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා ලබා දී ඇති නඩු තීන්දුවකට අනුව බවත් වාර්තා වේ .