විද්‍යාලයට පවතින ගුරු හිඟයට වහා විසඳුම් දෙන ලෙසට බල කරමින් වැලිකන්ද ගල්තලාව හරහා අරලගංවිල දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය යතුරුපැදි, පාපැදී ,ලි කොට, දමා බිම වාඩි වී අවහිර කරමින් ටයර් පුළුස්සා ගල්තලාව ඇතුළු ගම්මාන කිහිපයක මවුපියන්, ගල්තලාව විද්‍යාලය ඉදිරිපිට අද(22 ) විරෝධතාවයක නිරත වූ බව වාර්තා වේ.
ගල්තලාව ප්‍රාථමික විද්‍යාලයේ 1 වසරේ සිට 5 වසර දක්වා දරුවන් 80 කට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපන ලබන අතර ඒ සඳහා ගුරුවරුන් 06 දෙනෙකු අවශ්‍ය වුවද, දැනට සිටින්නේ විදුහල්පතිවරයා සමග ගුරුවරුන් හතර දෙනකු පමණක් බවත්, ඉංග්‍රීසි විෂයට මෙන්ම අද(22 ) පළමු වසරට භාරදුන් දරුවන්ට ඉගැන්වීමට ගුරුවරුයෙකු නොමැති බවත් ඔවුන් පවසා තිබේ.
මෙම විරෝධතාවය ගල්තලාව ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට පැය දෙකකට ආසන්න කාලයක් පවතින අතරතුර අරලගංවිල වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.ජී.එස්, කුලතුංග මහතා ඇතුළු පොලිස් නිලධාරින් කණ්ඩායමක් පැමිණ විරෝධතා කරුවන්න්ට මග අවහිර නොකර මාර්ගයෙන් ඉවත් වන ලෙසට ඉල්ලීමක් සිදු කර තිබේ.
එහිදී මවුපියන් සඳහන් කළේ අදාළ බලධාරියෙකු සම්බන්ධ කර ගුරු හිඟයට විසඳුමක් ලබා දෙන තුරු නිසි විසඳුමක් ලබාදෙන තුරු තමන් විරෝධතාවය අත් නොහරින බවයි.