ගාල්ලේ රැඳවියෙක් මරුට.

ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවකු කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අද (03) දහවල් මියගොස් ඇති බවට රෝහල් ආරංචි මාර්ග සදහන් කර ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ එන්.ජී.සී.අයි.සඳරුවන් නමැති 28 හැවිරිදි තරුණයෙකි.

උණ රෝගය හේතුවෙන් ඔහු සමඟ ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවන් සිව් දෙනකු කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවත් අසාධ්‍ය තත්වයෙන් පසු වූ මොහු අද මියගිය බවත් වෛද්‍යවරු කියති.

ඔහුගේ මරණයට හේතුව මෙනින්ජයටිස් රෝගය බවට සැකයක් පවතින අතර හෙට (04)දින සිදුකිරීමට නියමිත මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මරණයට හේතුව තීරණය කළ හැකිවනු ඇති බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.

Exit mobile version