කුකුළු මස් මිල ගැන සාකච්ඡාවක් .

කුකුළු මස් මිල අඩු කිරීම සම්බන්ධයෙන් අද (21) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ .

ඒ වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සහ කුකුළු නිෂ්පාදකයින් අතරයි.

රුපියල් 1250 ක මිලකට මේ වනවිට කුකුළු මස් කිලෝග්‍රෑමයක් අලෙවි වන අතර එම මිල රුපියල් 200 කින් පමණ අඩු විය යුතු බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරන ලදී.

අද (21) පැවැත්වෙන සාකච්ඡාවේදී කුකුළු නිෂ්පාදකයින් කුකුළු මස් මිල රුපියල් 200 කින් අඩු කිරීමට එකඟවනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත් , එසේ නොවුණහොත් කුකුළු මස් ආනයනය සම්බන්ධයෙන් අද (21) දිනයේදීම තීරණයක් ගන්නා බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ .

Exit mobile version