ජනපති සහ පොහොට්ටුව අතර සාකච්ඡාවක්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අනෙකුත් පක්ෂ නියෝජිතයින්ගේ රැස්වීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇති බව වාර්තා වේ.

එස්.එම්. චන්ද්‍රසේන මන්ත්‍රීවරයා සඳහන් කළේ ජනාධිපති මැතිවරණය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුවූ බවයි.

ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස පොදුජන පෙරමුණේ සහාය ලබා ගැනීමට නම් පක්ෂ නායකත්වය සමඟ සාකච්ඡා ආරම්භ කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පැවසූ බව වාර්තා වේ.

Exit mobile version