කුකුළු මස් ආනයනය කිරීම සම්බන්ධයෙන් කර්මාන්තකරුවන් සමඟ අවසන් සාකච්ඡාව ලබන සඳුදා පැවැත්වීමට නියමිතව තිබෙන අතර එම සාකච්ඡාවෙන් අනතුරුව කුකුළු මස් ඉන්දියාවෙන් ආනයනය කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 850ක මුදලකට පාරිභෝගිකයා වෙත ලබාදීමට හැකි නමුත් කර්මාන්තකරුවන් එම සහන ජනතාවට ලබානොදෙන බවයි.