පුද්ගලයෙකු හප්පා පළා ගිය රියදුරෙකු අත්අඩංගුවට .

අරලගංවිල අළුත්වැව කැටේහංදිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර පළා ගිය ලොරි රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මාර්ගයේ පුද්ගලයෙකු වැටී සිටින බවට ලද තොරතුරකට අනුව පොලීසිය එම සිද්ධිය ගැන විමර්ශන ආරම්භ කර තිබේ.

හිසට බරපතළ තුවාල සිදුවීම හේතුවෙන් එම පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති බව සදහන්.

මියගොස් ඇත්තේ 39 හැවිරිදි අළුත්වැව ප්‍රදේශයේ පදංචිකරුවෙකි.

එම ප්‍රදේශයේ වී මිලදී ගන්නා පුද්ගලයෙකු මෙම අනතුර සිදුකර පළා ගොස් ඇති අතර ඔහුගේ ලොරි රථය පරීක්ෂා කිරීමේදී මියගිය පුද්ගලයාගේ හිසකෙස් හා ඇඳුම් කොටස් එහි තැවරී තිබී සොයාගෙන ඇති බව සදහන්.

ඉකුත් 14 වනදා රාත්‍රී කාලයේදී මෙම අනතුර සිදුවී ඇති අතර 15 වනදා සවස් කාලයේදී සිද්ධිය පිළිබඳව තොරතුරු පොලීසියට වාර්තා වී තිබූ බව සදහන්.

Exit mobile version