ඊයේ (18) ගාල්ල දෙස සිට අම්බලන්ගොඩ දෙසට ධාවනය වූ මෝටර් රථයක් , එහි සිටි රියදුරුට රිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී සිදු වූ අනතුරින් මෝටර් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකුට බරපතළ තුවාල සිදුව ඇති බව වාර්තා වේ.
මෝටර් රථයේ රියදුරුට හදිසියේ හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව සදහන්.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මැටිවල , තෙල්වත්ත ප්රදේශයේ පදිංචි 48 හැවිරිදි අයෙකි.
තුවාල ලබා ඇත්තේ ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා වන අතර ඔවුන් ප්රතිකාර සඳහා බලපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.