හමුදා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් .

සිරියාවේ දී එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් අමෙරිකානු සෙබළුන් තිදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

සිරියානු හමුදා කඳවුරක් ඉලක්ක කර ගනිමින් අදාළ ‍ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජාත්‍යන්තර ආරක්ෂක වැඩපිළිවෙළ යටතේ යොදවා සිටි අමෙරිකානු සෙබළුන් කිහිපදෙනෙකු ද එම කඳවුරේ රැඳී සිට ඇති බව සඳහන්.

ඊශ්‍රායල හමාස් ගැටුම් ආරම්භ වීමෙන් අනතුරුව මැදපෙරදිග සන්නද්ධ කණ්ඩායමක් විසින් එල්ල කළ ප්‍රහාරයකින් අමෙරිකානු සෙබළුන් මිය ගිය පළමු අවස්ථාව මෙය වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Exit mobile version