ස්වාමි පුරුෂයා විසින් සිය බිරිඳව ඝාතනය කිරීමේ පුවතක් මිහින්තලය ප්රදේශයෙන් වාර්තා වි තිබේ.
පොලීසිය පැවසුවේ ඊයේ රාත්රීයේ පවුල් ආරවුලක් හේතුවෙන් එම පුද්ගලයා සිය බිරිඳට මොට ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවයි.
මිහින්තලය, කැලෑ තිරප්පනය, ඉහළගම ප්රදේශයේ නිවසක් තුළදී එම ඝාතනය සිදුකර තිබුණි.
එහිදී මිය ගොස් ඇත්තේ 23 හැවිරිදි කාන්තාවකි.
ඝාතනය සම්බන්ධයෙන් එම කාන්තාවගේ 32 හැවිරිදි ස්වාමි පුරුෂයාව අත්අඩංගුවට ගෙන ඇති අතර මිහින්තලය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.