ඊයේ (09) දින රාත්රී කාලයේ මහබාගේ පොලිස් වසමේ මීගමුව ,කොළඹ මාර්ගයේ වැලිසර ප්රදේශයේදී මෝටර් රථය මාර්ගය අයිනේ නවතා රියදුරු මෝටර් රථයෙන් බැස සිටියදී මීගමුව දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් මෝටර් රථයේ ගැටී අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
අනතුරින් මෝටර් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව සදහන්.
මරණකරු වයස අවුරුදු 70ක් වන මඩම්පැන්න ,කටාන ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය රාගම රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත.
මේ සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මහබාගේ පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.