මාරක රිය අනතුරක්.

ඊයේ (31) දින සවස් කාලයේදී ගාල්ල වරාය පොලිස් වසමේ මාගාල්ල ධීවර වරාය භූමියේ ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව පෙරළී යාමෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

අනතුරින් තුවාල ලැබූ පැදිකරු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව සදහන්.

මරණකරු වයස අවුරුදු 26ක් වන තෙන්කල්ලගොඩ ,ගාල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

මෘතශරීරාගාරය කරාපිටිය රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ගාල්ල වරාය පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

Exit mobile version