නල්ලතන්නිය ප්‍රදේශය තුළ වල් ඌරන් දිවා කාලයේද සැරි සැරීම හේතුවෙන් එම ප්‍රදේශයේ විවිධ දුෂ්කරතාවයන්ට මෙන්ම දැඩි බියකට පත්ව ඇති බව වාර්තා වේ .
මෙම තත්වයන් පිළිබඳව අදහස් දක්වන එම ප්‍රදේශයේ පිරිස් සඳහන් කරන්නේ වල් ඌරන් පිරිසක් මේ වන විට නල්ලතන්නිය ප්‍රදේශයේ දිවා කාලයේ පවා සැරි සරන බවත් , මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට මෙන්ම බියකටද පත්ව ඇති බවත්ය.
එමෙන්ම ඉදිරියේදී ශ්‍රිපාද වන්දනා සමයද ආරම්භවන බවත් , එම ශ්‍රිපාද වන්දනා සමය තුළදි මෙම මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනෙණ බවත් , එම අවස්ථාවලදී මෙම වල් ඌරන්ගෙන් එම වන්දනාකරුවන්ට විවිධ කරදරයන් සිදුවිමේ අවදානමක් පැවතිය හැකි බවත් එම පිරිස් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ .