ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයේ සිර මැදිරියේ දොර විවෘත කළ අවස්ථාවේ එයින් එළියට පැන නඩු කටයුතු සඳහා පැමිණ සිටි නීතිඥවරියකගේ ගෙල සිරකර ඇය මරා දැමීමට තැත් කළා යැයි කියන අයෙක් ඒ මොහොතේම පොලිස් හා බන්ධනාගාර නිලධාරීන් එක්ව පාලනය කර අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .
ගෙල සිරවීමකට ලක් වූ අදාළ නීතිඥවරිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර , කළුවන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙකි.
මොහු ගංජා මිලි ග්‍රෑම් 760 ළඟ තබාගත් බව කියමින් ගලගෙදර පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.