සිරකරුවෙකු නීතීඥවරියකගේ ගෙල සිර කරලා.

ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයේ සිර මැදිරියේ දොර විවෘත කළ අවස්ථාවේ එයින් එළියට පැන නඩු කටයුතු සඳහා පැමිණ සිටි නීතිඥවරියකගේ ගෙල සිරකර ඇය මරා දැමීමට තැත් කළා යැයි කියන අයෙක් ඒ මොහොතේම පොලිස් හා බන්ධනාගාර නිලධාරීන් එක්ව පාලනය කර අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .

ගෙල සිරවීමකට ලක් වූ අදාළ නීතිඥවරිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර , කළුවන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙකි.

මොහු ගංජා මිලි ග්‍රෑම් 760 ළඟ තබාගත් බව කියමින් ගලගෙදර පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

Exit mobile version