වැල්ලම්පිටිය – වේරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාම සවිකර තිබූ තාප්පයක් කඩා වැටීමෙන් එක් සිසුවියක් මියගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් බවට කොළඹ ජාතික රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කර තිබේ.
පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන තවත් සිසුන් 3 දෙනෙකු සහ සිසුවියන් දෙදෙනෙකු ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සදහන්.