හමුදාවට දරුණු ප්‍රහාරයක්.

වයඹදිග පාකිස්තානයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ඉස්ලාමීය කණ්ඩායමක් විසින් පුපුරණ ද්‍රව්‍ය පිරවූ ට්‍රක් රථයක් හප්පා සිදුකළ ප්‍රහාරයකින් 24 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

පාකිස්තාන තලිබාන් කණ්ඩායම එම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබූ බව සදහන්.

හමුදා කණ්ඩායමක් රැඳී සිටි එම ගොඩනැගිල්ලේ මීට පෙර  පොලිස් ස්ථානයක් ස්ථාපනය කර තිබූ බව සඳහන් .

ට්‍රක් බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව තුවක්කුකරුවන් පිරිසක් එම ගොඩනැගිල්ලේ සිටි පිරිස් වෙත නොකඩවා වෙඩිතබා ඇති බව වාර්තා වේ.

Exit mobile version