අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවන් තිදෙනෙකුට බරපතළ තුවාල සිදුව ඇති බව වාර්තා වේ.
ඊයේ (19) රාත්රී කාලයේදී එම සිදුවීම වාර්තා වී තිබුණේ රාමනාදපුරම්, කල්මඩුනගර් ප්රදේශයෙනි.
තුවාලකරුවන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් තුවාලකරුවන් දෙදෙනෙකු වැඩිදුර ප්රතිකාර සඳහා යාපනය රෝහල වෙත මාරුකරු යවා ඇති බව වාර්තා වේ.
තුවාලකරුවන් අවුරදු 28 හා 30 වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු හා අවුරුදු 28, 30 හා 50 වයස්වල පසුවන කාන්තාවන් තිදෙනෙකු වන අතර ඔවුන් පලෛයි හා වව්නියාව ප්රදේශවල පදිංචිකරුවන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකර ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධවලින් පහරදී ඇති බවයි.
සිද්ධියට සම්බන්ධ අවුරදු 24, 33 හා 59 වයස්වල පසුවන කිලිනොච්චිය හා වට්ටකච්චි ප්රදේශවල පදිංචි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
රමනාදපුරම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.