පොලිස් පරීක්ෂක අත්අඩංගුවට ගත් පොලිස්පතිට මිලියනයක දඩයක්.

දැනට මරණ දඬුවම නියමව සිටින නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ නඩුවට ව්‍යාජ සාක්ෂි නිර්මාණය කරන ලදැයි චෝදනා කරමින් රහස් පොලීසියේ පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා අත්අඩංගුවට ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වන්දි ලෙස රුපියල් දස ලක්ෂයක් ගෙවන ලෙස පොලිස්පතිවරයාට නියෝග කළ බව වාර්තා වේ .

මෙම පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන, මහින්ද සමයවර්ධන සහ එස්.තුරේරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඡන්ද වන ලදී .

Exit mobile version