ඇඟලුම් කම්හලක ගින්නක්.

පන්නිපිටිය මහල්වරාව ප්‍රදේශයේ හඳුන්කූරු නිෂ්පාදන ආයතනයක් හා ඇඟලුම් කම්හලක් පවත්වාගෙන යන ස්ථානයක ගින්නක් හටගෙන ඇති බවට මහරගම පොලිසිය පවසා ඇති බව වාර්තා වේ.

උදෑසන හතට පමණ මෙම ගින්න හටගෙන ඇති බවට පොලිසිය පවසයි.

ගින්නෙන් කිසිවකුටත් හානියක් සිදුව නොමැති අතර ඇඟලුම් කම්හලෙහි ගබඩා කර තිබූ ලක්ෂ ගණනක් වටිනා ඇඟලුම් ගිනිගෙන විනාශ වී ඇති බවත් හඳුන්කූරු නිෂ්පාදන ආයතනය දෙසට ගින්න පැතිර නොතිබූ බවත්  පොලිසිය කියයි.

ගින්න හට ගැනීමත් සමග කෝට්ටේ ගිනි නිවන දෙපාර්තමේන්තුවේ ගිනි නිවන රථ 02  ජල බවුසර්  තුනක්  , කාර්යභාර නිලධාරී ඩී.ඩී සුනන්ද මහතා ඇතුළු ගිනිබටයින් දස දෙනෙකු සමග  පැමිණ ගින්න නිමා දැමීමට උත්සාහ කළ බව වාර්තා වේ.

Exit mobile version