කල්පිටියෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර යාත්රාවක් නැවත ගොඩබිමට නොපැමිණි බවට සඳහන් කරමින් කල්පිටිය පොලිසීයට එම යාත්රාවේ හිමිකරු පැමිණිලි කර ඇති බව වාර්තා වේ.
මෙම යාත්රාවේ ධීවරයින් තිදෙනෙක් ගමන් කර ඇති අතර ඔවුන් 21, 37 සහ 38 යන වයස්වල පසුවන ඊච්චන්කාඩුව ප්රදේශයේ පදිංචිකරුවන්ය.
මේ සම්බන්ධයෙන් නාවික හමුදාව දැනුවත් කර සෝදිසි කටයුතු ආරම්භ කර ඇති බවට පොලීසිය පවසයි.