දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිටවුම අසල දී ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක් ගෙල කපා ඝාතනය කර ඇති බව වාර්තා වේ.
ඊයේ සවස 05.15 ට පමණ මෙම ඝාතනය සිදුව ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පිළියන්දල මඩපාත ජබුරලිය ප්‍රදේශයේ පදිංචි දුලාංජලී අනුරුද්ධිකා නමැති 41 හැවිරිදි එක්දරු මවක වන අතර ඇයගේ සැමියා පානදුර රෝහලේ වෛද්‍යවරයෙකි.
මෙම ගුවන් සේවිකාව කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ සිට කාර්යාල සේවා බස් රථයකින් පැමිණ කහතුඩුව පිටවුමේදී බැස ත්‍රිරෝද රථයක් ගැනීම සඳහා ප්‍රධාන මාර්ගයට ගමන් කරමින් සිට ඇත.
මේ යන අතරතුර මෝටර් රථයක සිටි පුද්ගලයෙකු එකවරම ඇයට කඩුවකින් ගෙලට පහරදී පලාගොස් ඇති බව සදහන්.
බරපතළ තත්ත්වයේ පසුවූ ඇය වෑතර රෝහල වෙත ඇතුළත් කළද ඇය ඒ වනවිටත් මියගොස් සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ඝාතනයට ලක් වූ මෙම කාන්තාවට මීට පෙරාතුව දුරකතන මගින් මරණීය තර්ජන සිදුව ඇති බවටද අනාවරණය වී ඇති අතර එම හෝඩුවාව ඇතුළු විවිධ පැතිකඩ ඔස්සේ පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.