ගංවතුරක් ඇවිල්ලා.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇති බව වාර්තා වේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ කළුගඟ සහ නිල්වලා ගඟ ස්ථාන දෙකක දී පිටාර ගැලීම හේතුවෙන් එලෙස ජල ගැලීම් තත්ත්වයක් හට ගෙන ඇති බවයි.

කළුගඟ, මිල්ලකන්ද ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇති අතර නිල්වලා ගඟ තලගහගොඩ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇති බව සදහන්.

මීට අමතරව කළුගඟ රත්නපුර ප්‍රදේශයෙන්, ගිංගඟ බද්දේගම ප්‍රදේශයෙන්, නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන් අවධානය යොමුකළ මට්ටමක් දක්වා ඉහළ යමින් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

පවතින අධික වර්ෂාපතනයත් සමඟ කුකුලේ ගඟ ඉහළ ජල මූලාශ්‍රයන් වෙත දිගින් දිගටම වර්ෂාව ලැබීම හේතුවෙන් කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබේ.

අද උදෑසන 8.00 පමණ වන විට ඉන් තත්පරයට ඝන මීටර් 120ක ජල ධාරිතාවක් කුඩා ගඟට මුදා හැරෙන බව කුකුලේගඟ ජලාශය භාර ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.

මේ හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් බුලත්සිංහල ප්‍රදේශයේ පරගොඩ, දඹල, නාලියද්ද, ඇටඹ ගස් හන්දිය ආදී ප්‍රදේශවල පහත් බිම් රැසක් ජලයෙන් යටව පවතින අතර බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගය දඹල ඇටඹගස් හංදිය සහ නාලියද්ද යන ප්‍රදේශ ජලයෙන් යටවී ඇති බව වාර්තාවේ.

Exit mobile version