මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත ප්රදේශයේදී දුම්රියේ ගැටී විදේශිකයෙකු මියගොස් තිබෙන බව වාර්තා වේ .
සිය බිරිඳ සමග මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී දෙහිවල සිට කොළඹ බලා ධාවනය වු දුම්රියක ගැටීමෙන් අනතුර සිදුවී තිබේ .
අනතුරින් තුවාල ලැබූ විදේශිකයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ .
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 57 හැවිරිදි ඉන්දියානු ජාතිකයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.