ගම්පොල සිට හෙම්මාතගම දක්වා ධාවනය වූ මෝටර් රථයක් හෙම්මාතගම ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.
මෙම අනතුරින් මෝටර් රථයේ රියදුරා සහ විදෙස් කාන්තාවගේ දියණිය තුවාල ලබා ගම්පොල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ජීවිතක්ෂයට පත් වූ කාන්තාව ද ගම්පොල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත් වූ බව සඳහන්.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉන්දීය සම්භවයක් ඇති ඕස්ට්‍රේලියාවේ පදිංචි ප්රකාෂ් ෂරීටා දේවි නැමැති 68 හැවිරිදි අයෙකි.
මෝටර් රථයේ රියදුරුට රථයේ වේගය පාලනය කරගත නොහැකිව මෙසේ අනතුරට ලක්ව ඇති බව සඳහන්.