රුපියල් කෝටි 30 කට අධික වටිනාකමින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4 ක තොගයක් මෙරටට රැගෙන ආ කෙන්යානු ජාතිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදි අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .
රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සීවලී අරුග්ගොඩ මහතා පැවසුවේ දෝහා සිට කටුනායක ගුවන් තොටුපළට ඊයේ (24) පස්වරුවේ පැමිණි ගුවන් යානයකින් 34 හැවිරිදි කෙන්යානු ජාතිකයා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය භාරයට ගත් බවත් , බිස්කට් ටින් 3 ක අසුරා තිබියදී මෙම කොකේන් සොයා ගත් බවත් ය.
ඉතියෝපියාවේ අඩිස් අබාබා ගුවන් තොටුපොලේ සිට කටාර් රාජ්‍යයේ දෝහා ගුවන් තොටුපොල හරහා සැකකරු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමට නියමිතව තිබෙන බව සඳහන්.