කන්දක් නගින්න ගිය විදෙස් කතක් අතුරුදන්.

කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි කන්දක් නැගීමට ගිය 32 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික සංචාරක කාන්තාවක් පසුගිය 10 වැනිදා සිට අතුරුදන්ව ඇති බව මහනුවර සංචාරක පොලිසිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

පසුගිය 10 වැනිදා උදෑසන 8.30 ට පමණ කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි කන්දක් නැගීමට ඇය නවාතැන් ගෙන සිටි හෝටලයෙන් පිටව ගොස් තිබේ. මෙලෙස කන්දක් නැගීමට ගිය සංචාරක කත නැවත හෝටලයට නොපැමිණි බව අදාළ හෝටලයේ අයිතිකරු ප්‍රකාශ කර තිබේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ 32 හැවිරිදි ඩෙන්මාර්ක් කාන්තාවකි. අතුරුදන් වූ විදෙස් සංචාරක කාන්තාව සොයා විමර්ශන සිදු කරන බව වාර්තා වේ.

Exit mobile version