450cc ට වැඩි යතුරුපැදි ලියාපදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙළක් .

මෙරට ලියාපදිංචි නොකළ එන්ජින් ධාරිතාව 450cc ට වැඩි යතුරුපැදි නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයට අදාළ නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරි සති කිහිපය තුළ ලබාදෙන ලෙස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන අදාළ අංශවලට උපදෙස් ලබාදී ඇති අතර අධි ධාරිතාවයෙන් යුත් යතුරුපැදි හිමිකරුවන් විසින් මීට පෙර කරන ලද ඉල්ලීම් අනුව මෙවැනි අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි විවිධ ක්‍රම ඔස්සේ ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබුණ ද, ලියාපදිංචි කිරීමට ක්‍රමවේදයක් සකස් කර නොතිබුණි.

ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙන බව ද වාර්තා වේ .

Exit mobile version