බදු මුදල් වංචා කළ කල්මුණ මහනගර සභාවේ හිටපු කොමසාරිස්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දැනට විශ්‍රාමිකව සිටින 60 හැවිරිදි පෙරියනීලවනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කල්මුණේ මහ නගර සභාවට ලැබිය යුතු බදු මුදල් වංචා කිරීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ හිටපු කොමසාරිස්වරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද (20) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ .