පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස් කර ගෙන ඇති බව වාර්තා වේ .
ඒ අනුව අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනුණු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට එරෙහි විමර්ශන කටයුතු අවසන් කරන ලෙස පොලීසිය වෙත නීතිපතිවරයා විසින් උපදෙස් නිකුත් කර ඇති බැවින් අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බවයි .
පසුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් විනිසුරු මඩුල්ල එය නිශ්ප්‍රභ කිරීමට තීරණය කරන ලදී.
මෙම පෙත්සම අද (18) කැඳවනු ලැබූයේ ගාමිණි අමරසේකර , මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.