ගාල්ල බන්ධනාගාර නිලධාරියෙකුගේ වැඩ තහනම් කෙරේ.

කරාපිටිය ශික්ෂණ රෝහලේ සිට ගාල්ල බන්ධනාගාරය වෙත රැගෙන එමින් සිටි වරෙන්තුකරුවෙකු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා යාමේ සිද්ධියකට අදාළව සැකකරු භාරව සිටි බන්ධනාගාර නිලධාරීවරයාගේ වැඩ තහනම් කර තිබෙන බව වාර්තා වේ .

අදාළ සැකකරු රක්ෂිත බන්ධනාගාගත කර සිටින අතරතුර ඔහුට හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කරාපිටිය රෝහලේ 58 වන වාට්ටුව වෙත ඇතුළත් කර තිබුණි. පසුව මොහු කරාපිටිය රෝහලේ සිට බන්ධනාගාරය වෙත ඊයේ (18) පස්වරුවේ රැගෙන යමින් සිටියදී මෙලෙස බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් තිබේ.

සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවිදි අයෙක් වන අතර වරෙන්තු 9 ක් ලබා සිටි , ගෙවල් 5 ක් බිඳ දේපළ සොරකම් කිරීමේ වැරදි සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අයෙකි.

මොහු පසුගිය 16 වනදා අක්මීමන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියදී හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කර තිබේ .

Exit mobile version