සංචාරකයින්ගෙන් කප්පම් ගන්නා කල්ලියක්.

මිරිස්ස සීක්‍රට් බීච්, පෙම් උයන් වත්ත මාර්ගයේ සංචාරකයින්ගෙන් කප්පම් ගන්නා කල්ලියක් හේතුවෙන් ජනතාව බොහෝ අපහසුතාවට පත්වී තිබෙන බව වාර්තා වේ .

බෙටා නැමැති සංවිධානාත්මක අපරාධකරු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් එම මාර්ගයේ ගමන් ගන්නා සංචාරකයින්ගේ ගෙලට තියුණු ආයුධ තබා මෙලෙස කප්පම් ගන්නා බව සඳහන් .

මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් මෙන්ම සංචාරකයින් ද අවස්ථා කීපයකදී පොලිසිය දැනුවත් කළත් මේ වන තෙක් ඊට පිලියමක් යොදවා නැති බව වාර්තා වේ .

එක් අයකුගෙන් රුපියල් 500ක මුදලක් කප්පම් ලෙස ගන්නා අතර එසේ නොදෙන සංචාරකයින් හට ප්‍රහාර වලට ලක් වීමට සිදු වන බවද අනාවරණය වී තිබේ .

Exit mobile version