රිය අනතුරකින් දැරියක් මරුට.

රිය අනතුරකට ලක්වීමෙන් 13 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ.

මීගමුව පොලිස් වසමේ කොළඹ හලාවත මාර්ගයේ කට්ටුව ප්‍රදේශයේදී ඊයේ (04) රාත්‍රියේ මෙම අනතුර සිදුවී ඇත.

හලාවත සිට කොළඹ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් එම දිශාවටම ධාවනය වූ යතුරුපැදියක ගැටී අනතුර සිදුවී තිබුණි.

අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකාරිය සහ ඇයගේ දියණිය මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දැරිය මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ මියගොස් ඇත්තේ 13 හැවිරිදි කටුකෙන්ද දංකොටුව ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක් බවයි.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව සදහන්.

Exit mobile version