දුම්රියේ ගැටී දැරියක් මියයයි.

ඊයේ (25) දින මාතර දෙස සිට ගාල්ල දෙසට ගමන් කරමින් තිබු  මන්දගාමී දුම්රියක, මාතර නුපේ රේල් ගේට්ටුව හා පඹුරණ දුම්රිය ස්ථානය අතර දී පාසල් දැරියක් ගැටී මියගොස් ඇති බව වාර්තාවේ.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ බෙන්තොටගෙවත්ත, හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් සිසුවියක් බව පොලිසිය සදහන් කරයි.  

මිය ගිය දැරිය ඊයේ දින  තවත් මිතුරියන් කිහිප දෙනකු සමග සාදයකට ගොස් දුම්රිය මාර්ගය ඔස්සේ  පා ගමනින් ගමන් කරමින් සිටියදී දැරිය මෙම අනතුරට පත්ව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කොට ඇති අතර  මෘත ශරීරය මාතර රෝහළේ  තැන්පත් කර ර්හිබේ.

Exit mobile version