තරුණියක් අතුරුදහන් .

18 හැවිරිදි තරුණියක් ඉකු‍ත් 15 වනදා සිට අතුරුදන්වී ඇති බවට හික්කඩුව පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වේ.

ගාල්ල දොඩම්දූව ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය එදින ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොලේ සිටින අයුරු සීසීටීවී කැමරාවක සටහන්වී තිබූ බව සදහන්.

ඇය පිළිබඳ‍ තොරතුරක් දන්නේ නම් දැනුම්දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී. 

ඇයගේ මව සඳහන් කරන්නේ,

“17 වනදා රෑ 9.28ට කෝල් එකක් ආවා. දුව තමයි කතා කළේ. අනේ අම්මේ මං ගැන හොයන්න එපා. මට එන්න වෙන්නේ නැහැ. පොලීසියට යන්නත් එපා කිව්වා. ඒ එක්කම එතන හිටපු ගැහැණු කෙනෙක් කිව්වා.. පොලීසියට යන්න එපා කියලා.”

Exit mobile version