දොම්පේ අහුගම්මන ප්‍රදේශයේදී කාසියක් උගුරේ සිරවීමෙන් ඉතා අවාසනාවන්ත ලෙස කුඩා දැරියක් මිය ගොස් ඇති බව වාර්තාවේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස මාස දෙකක් වන කුඩා දැරියක් වන අතර දැරියගේම වයස අවුරුදු දෙකක් වන සොයුරා විසින් සෙල්ලමට කට තුලට දැමු කාසියක් දැරියගේ උගුරේ සිරවීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව සදහන්වේ.
අනතුරින් පසු දැරිය දොම්පේ රෝහලට ඇතුලත් කොට ඇති අතර ඒවනවිටත් දැරිය මිය ගොස් සිටි බව වාර්තාවේ.
දැරියගේ ස්වසන මාර්ගය අවහිර වීම නිසා මෙමෙ මරණය සිදුව ඇති බව අධිකරණ වෛද්‍ය වරයා සදහන්කොට ඇත.