බිල නොගෙවීමෙන් රජයේ රෝහලක විදුලිය විසන්ධි කරලා.

පදවිය රෝහලේ විදුලි බිල නොගෙවිම හේතුවෙන් රෝහලේ විදුලිය විසන්ධි කර ඇති බව වාර්තා වේ.

විදුලිය නොමැති හේතුවෙන් පානිය ජල පෙරණයෙන් ජලය මුදා හැරිමට නොහැකි විම ආදී විවිධ බාධා වලින් නේවාසික රෝගීන්, බාහිර රෝගීන් මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද අපහසුතාවයට පත්ව ඇති බව සදහන්.

රු.74,000ක පමණ විදුලි බිල නොගෙවිම නිසා මෙම රෝහලේ විදුලිය විසන්ධි කර තිබේ.

රජය මගින් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට මුදල් ලැබිමෙන් පසු විදුලිබල මණ්ඩලයට ගෙවන අතර,පදවිය සහකාර ප්‍රාදේශිය ලේකම්වරයා පැවසුවේ විදුලිබිල ගෙවිමට තම කාර්යාලයට මුදල් ලැබි නොමැති බවයි.

Exit mobile version