බංගලාදේශයෙන් ලංකාවට මාස හයක සහන කාලයක්.

විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ බංගලාදේශය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල ආපසු ගෙවීම සඳහා තවත් මාස හයක සහන කාලයක් ලබා දීමට බංගලාදේශ රජය තීරණය කළ බව වොෂින්ටන් නගරයේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම්වලට සමගාමීව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්‍ය නන්දලාල් වීරසිංහ සමඟ පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බංගලාදේශ මහ බැංකු අධිපති ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව ලබා ගත් මෙම ණය මුදල සඳහා වන පළමු වාරිකය පසුගිය මාර්තු මාසයේදී ගෙවීමට නියමිතව තිබූ අතර ඒ වන විට ණය ප්‍රතිව්‍යුහගත කර නොතිබීම හේතුවෙන් පළමු වාරික ගෙවා නොමැති බව සඳහන්.

එම නිසා ණය මුදලට අදාළ වන පළමු වාරිකය එළඹෙන අගෝස්තු මාසයේ දීත් දෙවන වාරිකය සැප්තැම්බර් මාසයේදීත් ගෙවීමට ශ්‍රී ලංකාව සූදානම්  බවත් , ණය ගෙවීමේ කාල සීමාව දීර්ඝ කරන විට ණය මුදල සඳහා තවත් පොලිය එකතු වන බවත් බංගලාදේශ මහ බැංකු අධිපති වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version