යුධ හමුදා හතරවන කාන්තා බලකායේ සෙබළියන්ට ලබා දුන් ස්ථාන මාරුවීම් අවලංගු කරන ලෙස ඉල්ලා ඔවුන් සහ පවුලේ උදවිය 50 කට ආසන්න ප්රමාණයක් කොකාවිල් 4 වන කාන්තා බළකා කදවුරේ ප්රධාන පිවිසුම ඉදිරිපිට ඊයේ (16) උද්ඝෝෂණක නිරත වී තිබෙන බවට වාර්තා වේ.
එම කදවුරේ රාජකාරි කරන යුධ හමුදා කාන්තා සෙබලියන් 104 දෙනෙකුට වවුනියාව ප්රදේශයේ පිහිටි යුධ හමුදා කදවුරකට ලබාදුන් ස්ථාන මාරුවීම් අවලංගු කරන ලෙස ඉල්ලමින් පැය 2ක පමණ කාලයක් උද්ඝෝෂණය සිදු කර ඇති බවට මාන්කුලම් පොලිසිය සදහන් කර තිබේ.