වැල්ලවාය පාසලක දරුවන් පිරිසක් හදිසියේ ලෙඩ වේ.

වැල්ලවාය මල්වත්තාවල ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් 18 දෙනෙකුට ඇති වු අසාත්මිකතාවයක් හේතුවෙන් වැල්ලවාය මූලික රෝහලට අද උදෑසන ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

එක්වරම මෙම දරුවන්ට කැසීම හා පලු දැමීම ඇතිවී ඇති අතර පහ වසර දරුවන් පිරිසකට මෙම අසාත්මිකතාවය ඇතිවී තිබේ.

රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩලය දරුවන් සඳහා කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇති අතර කිසිදු දරුවකුට බරපතල රෝගී තත්ත්වයක් නැතැයි රෝහලේ වෛද්‍ය අධිකාරී අනුරාධ මංගල මහතා පවසා තිබේ.

Exit mobile version