ඉන්දීය මුහුදේ සිර වූ ධීවරයින් පිරිසක් මුදා ගැනේ .

කාර්මික දෝෂයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට උතුරු දෙසින් වූ ඉන්දීය මුහුදු සීමාවට ගසාගෙන ගොස් ආපදාවට පත් වූ මෙරට ධීවරයින් තිදෙනෙකු විදෙස් නෞකාවක් මගින් බේරා ගැනීමෙන් අනතුරුව නාවික හමුදාව වෙත භාර දී තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයේ වේග ප්‍රහාරක මුර යාත්‍රාව මගින් අදාළ ධීවරයින් පිරිස නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙනවිත් තිබේ .

අනතුරුව එම ධීවරයින් පිරිස ප්‍රතිකාර සඳහා හම්බන්තොට මූලික රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.

පසුගිය සැප්තැම්බර් මස දෙවන දින ධීවර කටයුතු සඳහා මොවුන් පිටත්ව ගොස් ඇති අතර එම යාත්‍රාවේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට ලක්ව ශ්‍රී ලංකා ඉන්දීය මුහුදු සීමාවට ගසාගෙන ගොස් තිබේ .

Exit mobile version