යාපනය මාමුනෙයි සහ චුන්ඩිකුලම් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු සීමාව තුළ නීතිවිරෝධී ලෙස මසුන් මරමින් සිටි දේශිය ධීවරයින් පිරිසක් නාවික හමුදාව සිය භාරයට ගත් බවට වාර්තා වේ.
සිදු කළ විශේෂ වැටලීමකදී ධීවරයින් 12 දෙනෙකු යාත්‍රා 3ක් ධීවර උපකරණ තොගයක් හමුවී ඇති අතර අත්අඩංගුවට ගත් යාත්‍රා නාවික හමුදා භාරයේ තබා ගෙන ධීවරයින් සහ ධීවර ආම්පන්න තොගය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත ලබා දී තිබේ.