ලෝක බැංකුවේ නියෝජිතයින් පිරිසක් මෙරටට .

ඉදිරි වසර 5 තුළ මෙරට සෞඛ්‍ය අංශයට සහය දිය යුත්තේ කෙසේද යන්න සොයා බැලීම සඳහා ලෝක බැංකුවේ නියෝජිතයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

ඔවුන් ඊයේ (13) කොළඹ – මාලිගාවත්ත සෞඛ්‍ය සත්කාර ඒකකයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වූ බව සදහන්.

ඒ අධික ජනාකීර්ණ නාගරික පරිසරයක සෞඛ්‍ය සේවා සැපයීමේ දී එය සාර්ථක කරගැනීම සම්බන්ධයෙන් වන අත්දැකීම් හුවමාරු කරගැනීම සඳහායි.

දිවයිනට පැමිණ සිටින මෙම කණ්ඩායමට සෞඛ්‍ය විශේෂඥයින්ට අමතරව ආර්ථික විද්‍යාඥයින් පිරිසක් ද එක්ව සිටීම විශේෂත්වයකි.

Exit mobile version