සයිනොපෙක් නිලධාරීන් පිරිසක් දිවයිනට.

ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන අලෙවිය සඳහා වූ ගිවිසුම්වලට එළඹීමට සහ මෙහෙයුම් ඇරඹීමට සයිනොපෙක් නිලධාරීන් පිරිසක් දිවයින පැමිණි අතර එම නිලධාරීන් අතර තාක්ෂණික විශේෂඥ නිලධාරීන් කණ්ඩායමක් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එම කණ්ඩායම සහ අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් ද පැවති අතර එහිදී ගිවිසුමට අදාළ කාලසටහන්, ගිවිසුමේ කොන්දේසි , ඊට අදාළ අනෙකුත් ගැටලු පිළිබඳව සාකච්ඡා කර තිබෙන බව සඳහන්.

එමෙන්ම එළඹෙන මැයි මාසයේදී අදාළ ගිවිසුමට අත්සන් තැබීමට නියමිත අතර දින 45ක් ඇතුළත මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට එකඟ වූ බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version