දිය නාමින් සිටි පිරිසක් ගසාගෙන යයි.

පානදුර වෙරළ තීරයේ දිය නාමින් සිටි තරුණ පිරිසක් දිය වැලකට හසුව දියේ ගසාගෙන යමින් සිටියදී පාදුනර පොලිස් ජීවිතාරක්ෂක ඒකකය විසින් බේරාගෙන ඇති බව වාර්තා වේ.

එසේ බේරාගෙන ඇත්තේ, තරුණයින් දෙදෙනකු හා තරුණියන් දෙදෙනෙකි.

දිවි බේරාගත් තරුණියන් දෙදෙනා අවුරුදු 25 හා 19 වයස්වල පසුවන අතර තරුණයන් දෙදෙනා අවුරුදු 17 හා 23 වයස්වල පසුවන ගොනපල හා කලවාන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

මෙම පිරිස බේරාගෙන ඇත්තේ, පානදුර වෙළර තීරයේ රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරික්ෂ නිමල්සිරි, පොලිස් කොස්තාපල් පුෂපකුමාර සහ පොලිස් කොස්තාපල් දේශාන් යන නිලධාරීන් විසින්ය.

බේරාගත් සිව්දෙනාගේ තත්ත්වය බරපතළ නොවන බැවින් ඥාතීන් වෙත භාර දී ඇති බව සදහන්.

Exit mobile version