පෙර දැනුම් දීමකින් තොරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය , විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය , විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තිකයින්ගෙන් වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් සාකච්ඡාවක් ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඇතුල් වීමට උත්සාහ කර ඇති අතර එහිදී උණුසුම් තත්ත්වයක් හටගත් බව වාර්තා වේ .
ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙතට යාමට මත්තෙන් පොලිසිය හා හමුදාව එක්ව අත්වැලක් යොදා එම පිරිස නවතා ඇති අතර අනතුරුව අතිරේක ලේකම්වරයෙකු පැමිණ ඔවුන් සමඟ සාකච්ඡා කර තිබේ .
එහිදී එම ලේකම්වරයා විසින් සාකච්ඡා කිරීමට වෙනත් දිනයක් ලබා දෙන බව පැවසූවත් වෘත්තීය සමිති නියෝජිතයින් පිරිස එය ප්‍රතික්ෂේප කර අද (17) දිනයේම සාකච්ඡාවක් ඉල්ලා තිබෙන බව සඳහන් .
පසුව එම අවස්ථාව නොලැබෙන බැවින් එම පිරිස විසිර ගොස් ඇති අතර ඔවුන් විසිර යාමට පෙර මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ නැවතත් පැමිණෙන බවයි.