වවුනියාව නෙදුන්කේනි රක්ෂිත ප්‍රදේශයේ පිහිටා ඇති පුරාවිද්‍යා භූමියක උසාවි නියෝග කඩකරමින් සහ එම පුරා වස්තුවලට හානි සිඳු වන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් පූජකවරයෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පල කරමින් වවුනියාව විශ්ව විද්‍යාලයේ සිසුන් ඊයේ (11) දින සවස විරෝධතාවයක නිරත වූ බව වාර්තා වේ.
එමෙන්ම මෙම පිරිස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ද විරෝධය පල කර ඇති අතර එම අවස්ථාවට යුද සමයේ අතුරුදන් වූ ඥාතීන් ද සහභාගී වූ බවත් එම පිරිස තම ඉඩම් අත්පත් කර ගන්නා බවට චෝදනා කරමින් විරෝධතාවයේ නිරත වූ බවත් සඳහන්.