මෙම මස 16 වනදා දක්වා කාල සීමාව තුළදී සංචාරකයින් 55,000ක් මෙරටට පැමිණ ඇති බවත් , වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බවත් සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්රියන්ත ප්රනාන්දු මහතා ප්රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම මැයි මස 20 වැනිදා වන විට සංචාරකයින් හාරලක්ෂකගේ ඉලක්කය සපුරාගත හැකි බව සංචාරක මණ්ඩලය ප්රකාශ කරන ලදී.
ජනවාරි සිට මේ දක්වා කාල සීමාව තුළදී වැඩිම සංචාරකයින් පිරිසක් රුසියාවෙන් පැමිණ ඇති බවත් , චීනයෙන් බලාපොරොත්තු වූ සංචාරකයින් ප්රමාණයක් පැමිණ නොමැති බවත් සඳහන්.