ශ්‍රී ලංකන් ගුවන් සේවයට අමුත්තෙක්.

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සිය මෙහෙයුම් කටයුතු සඳහා නව ගුවන් යානයක් එක්කර ඇති බව වාර්තා වේ.

එයාර් බෙල්ජියම් සමාගමෙන් බදු දී ඇති නව එයාර්බස් ඒ 330-200 යානය මෙසේ මෙහෙයුම් කටයුතු සඳහා ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ආසන 262 කින් යුත් මෙම ගුවන් යානය දෙසැම්බර් 29 වනදා සිට ෆ්‍රැන්ක්ෆර්ට්, ඩකා සහ ඩුබායි වෙත පියාසර කිරීමට නියමිත බව සදහන්.

Exit mobile version