කොස්ගමදී තුවක්කුවක් පිපිරිලා.

ඊයේ (08) සවස් කාලයේ කොස්ගම පොලිස් වසමේ ඇස්වත්ත උතුර ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් ව ඇති බව වාර්තා වේ.

මෙරට නිෂ්පාදිත ගිනි අවියකට වෙඩි බෙහෙත් කොටමින් සිටිය දී එය පුපුරා ගොස් මෙම අනතුර සිදු ව ඇති බවට පොලීසිය පවසයි.

මරණකරු වයස අවුරුදු 59ක ඇස්වත්ත උතුර, පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු නිවසේ තනි ව ජීවත් වූ පුද්ගලයකු වන අතර, මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේම තබා ඇති බව වාර්තා වේ.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කොස්ගම පොලීසිය මඟින් සිදු කරනු ලබයි.

Exit mobile version